නිදන්ගත වකුගඩු රෝගය

නිදන්ගත වකුගඩු රෝගය (CKD) රුධිරය හා මුත්‍රා පරීක්ෂාව මගින් හඳුනාගත හැක. බොහෝ අවස්ථාවලදී, ඔබගේ වකුගඩු සාමාන්‍ය පරිදි ක්‍රියා නොකරන බව, සාමාන්‍ය රුධිර හා මුත්‍රා පරීක්ෂණ මගින් පමණක් හඳුනා ගත හැක.

නිදන්ගත වකුගඩු රෝගය සඳහා පරීක්ෂණය කළ යුත්තේ කවුද?

ඔබට නිදන්ගත වකුගඩු රෝගයට අදාළ, දිගටම පවතින පහත රෝග ලක්ෂණ පවතින්නේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න:

ඇතිවිය හැකි වෙනත් හේතු සොයා බැලිය හැකි අතර, අවශ්‍යනම් පරීක්ෂණ සුදානම් කල හැක. නමුත් වකුගඩු රෝගය සඳහා බොහෝවිට මුල් අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර මේ සඳහා අවදානමක සිටින සමහර පුද්ගලයන් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කල යුතුය. ඔබට පහත රෝග ඇතිනම් නිතිපතා පරීක්ෂණ නිර්දේශ කරනු ලැබේ:

  • අධි රුධිර පීඩනය
  • දියවැඩියාව
  • උග්‍ර වකුගඩු අනතුරු - හදිසියේ හානි සිදුවීම නිසා වකුගඩු හරිහැටි ක්‍රියා නොකිරීම
  • හර්ද රෝග -හදවත, ධමනි හා ශිරාවලට බලපාන තත්ව, කිරීටක හර්ද රෝගය හෝ හර්ද අකරණිය
  • වකුගඩු වලට බලපාන වෙනත් තත්වයන් - වකුගඩු ගල්, විශාල වී ඇති පුරස්ථි ග්‍රන්ථිය හෝ ලූපස් (Lupus) වැනි
  • නිදන්ගත වකුගඩු රෝග පිළිබඳව පවුල් ඉතිහාසයක් ඇති හෝ වකුගඩු රෝග උරුමයෙන් ඇති විට
  • දැනගත හැකි හේතුවක් නොමැතිව මුත්‍රා වල රුධිරය සහ ප්‍රෝටීන් ඇති විට

ඔබ කළු හෝ දකුණු ආසියාතික නම්, ඔබට වකුගඩු රෝගය වැළඳීමට වැඩි ඉඩක් ඇත. ලිතියම් (Lithium), ඔමෙප්‍රසෝල් ( omeprazole) හෝ ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රධාහ ඖෂධ (anti-inflammatory), (NSAIDs) වැනි වකුගඩු වලට බලපෑම් ඇති කරන ඖෂධ දිගුකාලීනව ලබා ගන්නා පුද්ගලයින්ද, නිතිපතා පරීක්ෂා කල යුතුය. වකුගඩු රෝගය සඳහා නිතිපතා පරීක්ෂා කිරීම අවශ්‍ය යැයි ඔබ සිතනවා නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

නිදන්ගත වකුගඩු රෝගය සඳහා පරීක්ෂණ

රුධිර පරීක්ෂණ වකුගඩු රෝගය සඳහා වන ප්‍රධාන පරීක්ෂණය රුධිර පරීක්ෂාවකි. මෙය ඔබේ වකුගඩු කෙතරම් හොඳින් කටයුතු කරනවාදැයි සොයා බැලීම සඳහා භාවිතා කර ඇත. මෙම පරීක්ෂණය මගින් අපද්‍රව්‍යයක් වන ක්‍රියටිනින් (Creatinine,) ඔබගේ රුධිරයේ ඇති මට්ටම මැනිය හැක. මෙම ප්‍රථිපල භාවිත කිරීමේදී, ඔබගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය ජන වර්ගය සැලකිල්ලට ගැන ලබනු අතර ඊට පසු ඔබගේ වකුගඩු වලින් මිනිත්තුවකට කොපමණ මිලිලීටර් ප්‍රමාණයක් අපද්‍රව්‍ය පෙරීමට හැකිද යන්න ගණනය කරනු ලැබේ. මෙම මිනුම ඔබේ ඇස්තමේන්තුගත GFR ලෙස හැඳින්වේ. සෞඛ්‍ය සම්පන්න වකුගඩු 90ml/min කට වඩා පෙරීම කල යුතුය. ඔබගේ ප්‍රතිඵලය මීට වැඩ අඩු අගයක් ගත්තේ නම් ඔබට වකුගඩු රෝගය විය හැක. මුත්‍රා පරීක්ෂාව - සාමාන්‍යයෙන් පහත සඳහන් දේවල් පරීක්ෂා කිරීම සඳහා මුත්‍රා පරීක්ෂා කරනු ලැබේ:

  • ඔබගේ මුත්‍රා වල ඇති ඇල්බියුමින් (albumin) සහ ක්‍රියටිනින් යන ද්‍රව්‍ය වල මට්ටම පරීක්ෂා කිරීම. මෙය ඇල්බියුමින්:ක්‍රියටිනින් අනුපාතය ලෙස හැදින්වේ
  • ඔබගේ මුත්‍රා වල ප්‍රෝටීන් සහ රුධිරය ඇතිදැයි පරීක්ෂා කිරීම

GFR මිනුම් ඔබේ වකුගඩුව කොපමණ හොඳින් වැඩකරන්නේද යන්න විස්තරාත්මකව පවසයි. වෙනත් පරීක්ෂණ සමහර විට වෙනත් පරීක්ෂණ වලින්ද වකුගඩු වලට හානි වන මට්ටම තක්සේරු කල හැක. මේවාට ඇතුළත් වන්නේ:

  • සමහර විට වෙනත් පරීක්ෂණ වලින්ද වකුගඩු වලට හානි වන මට්ටම තක්සේරු කල හැක. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් (ultrasound scan), MRI ස්කෑන් හෝ CT ස්කෑන් - වකුගඩු වල පෙනුම කොයි වගේද යන්න සහ යම් අවහිරතා තිබේද යන්න පරීක්ෂා කිරීම
  • -වකුගඩුවෙන් කුඩා සාම්පලයක් ලබා ගැනීම (බයොප්සි) - වකුගඩු පටක කුඩා නියැදියක් ඉඳිකටුවක් භාවිතා කරමින් ඉවත් කරගෙන අන්වීක්ෂයක ආධාරයෙන් එම සෛල වලට හානි සිදුවී ඇතිද යන්න පරීක්ෂා කිරීම

නිදන්ගත වකුගඩු රෝගයේ පරීක්ෂණ ප්‍රතිඵල සහ අදියර

මෙම පරීක්ෂණ ප්‍රතිඵල මගින් ඔබගේ වකුගඩු වලට කොතරම් හානියක් සිදුවී ඇතිද යන්න තීරණය කල හැකි අතර මෙම තත්වය නිදන්ගත වකුගඩු රෝගයේ අදියර ලෙස හැදින්වේ. ඔබට අදාළ හොඳම ප්‍රතිකාර තීරණය කිරීම සහ ඔබගේ තත්වය නිරීක්ෂණය කිරීම සඳහා ඔබට කෙසේ පරීක්ෂණ සිදුකල යුතුද යන්න තීරණය කිරීමට ඔබගේ වෛද්‍යවරයාට මෙමඟින් උපකාරීවේ. ඔබගේ eGFR ප්‍රතිඵල වලට අනුව රෝගයේ අදියර 1 සිට 5 දක්වා තීරණය කෙරේ:

  • 1වන අදියර (G1) - සාමාන්‍ය eGFR (90ml/min ඉහලින්) නමුත් අනෙකුත් පරීක්ෂණ වලින් වකුගඩු හානි පිළිබඳව සංඥා අනාවරණය කර ඇත
  • 2 වැනි අදියර (G2) - සුළු වශයෙන් අඩු වී ඇති eGFR (60/89ml/min) වකුගඩු හානි වී ඇති බවට ඇති වෙනත් සංඥා සහිත
  • 3 වන අදියර ( G3a) - eGFR අගය 45-59ml/min වන විට
  • 3b අදියර (G3b) - eGFR අගය 30-44ml/min වන විට
  • 4 වන අදියර ( G4) - eGFR අගය 15-29ml/min වන විට
  • 5 වන අදියර (G5)- eGFR අගය 15ml/min ට වඩා අඩු වන විට, එනම් වකුගඩු වලට ඔවුන්ගේ සියලුම කාර්යයන් අහිමි වී ගොස් ඇත

ඔබගේ ACR ප්‍රතිඵල වලට අනුව අදියර 1 සිට 3 දක්වා තීරණය කෙරේ:

  • A1 - ACR අගය 3mg/mmol ට වඩා අඩු
  • A2 - ACR අගය 3 -30mg/mmol අතර
  • A3 - ACR අගය 30mg/mmol ට වඩා වැඩි

EGFR සහ ACR යන දෙවර්ගයම, බරපතල වකුගඩු රෝගයේ වඩාත් ඉහල අදියරවල් පෙන්වනු ලැබේ.